අ.පො.ස. උසස්පෙල වාණිජ විෂය ධාරාව හදාරන සහෝදර සහෝදරියන් ට වැදගත් වන ලිපි පල කිරීම මෙම බ්ලොග් අඩවියේ ප්රධාන අරමුණයි!
Wednesday, April 15, 2020
ආර්ථික විද්යාව_වාණිජ බැංකු හා මහ බැංකුව I
අ.පො.ස. උසස් පෙල ආර්ථික විද්යාව හදාරන ඔයාලට වැදගත් ම වෙන කොටසක් තමයි වාණිජ බැංකු සහ මහ බැංකුවේ ක්රියාකාරිත්වය කියන කොටස, ඉතින් ඒ මාතෘකාවට අදාලව ඔයාගේ දැනුම පරික්ෂා කරගන්න පොඩි පුනරීක්ෂණය ක් මේ ලිපියෙන් ඉදිරිපත් කරනවා.
• වාණිජ බැංකුවක් කියන්නෙ මොකක්ද?
චෙක්පතක් වැනි විධානයක් මඟින් හෝ අන්ය ආකාරයකින් ඉල්ලුම් කරන විට මුදල් ගෙවීමට සමත් වන, ජංගම ගිණුම් පවත්වාගෙන යාම සිය ප්රධාන රාජකාරිය කරගත්, මූල්ය අතරමැදිකරනයේ නියුතු ව්යාපාර ආයතනයක් වාණිජ බැංකුවක් ලෙස හඳුන්වනවා.
• මූල්ය අතරමැදිකරනය කියන්නේ මොකක්ද?
සරලවම, මූල්ය අතරමැදිකරනය කියන්නේ ආර්ථිකයේ මුදල් අතිරික්ත පවතින තැන් වලින් මුදල් ලබාගෙන, ආර්ථිකයේ මුදල් හිඟ/අවශ්ය තැන් වලට මුදල් ලබාදීමේ ක්රියාවලියට.
ඒ අනුව බැංකුවක් ආර්ථිකයේ මුදල් වැඩිපුර පවතින පාර්ශව වලින් ඒ මුදල් තැන්පතු විදියට අරගෙන, මුදල් අවශ්ය පාර්ශව වලට එම මුදල් ණය විදියට සපයනවා.
• වාණිජ බැංකු සහ වෙනත් මූල්යායතන අතර වෙනස මොකක්ද?
ප්රධාන වෙනස්කම් දෙකක් දැකගන්න පුලුවන්.
1.ජංගම තැන්පතු පවත්වාගැනීම.
වාණිජ බැංකු සහ වෙනත් මූල්යායතන ඕනිම එකකට ඉතිරි කිරීමේ, ස්ථාවර තැන්පතු පවත්වාගන්න පුලුවන්. ඒත් ජංගම තැන්පතු පවත්වාගැනීමේ බලය ලබාදීලා තියෙන්නේ වාණිජ බැංකු වලට විතරයි.
2.ආර්ථිකය තුල ණය මැවීමක් සිදු කිරීම.
වාණිජ බැංකුවකට ලැබෙන ජංගම තැන්පතු වලින් කිසියම් ප්රතිශතයක් සංචිත ලෙස තබාගෙන, ඉතිරි ප්රමාණය ණය ලෙස ආර්ථිකය ට මුදාහරිනවා. මේ විදියට ලැබෙන තැන්පතු මෙන් කිහිපගුණයකින් ණය ලබාදීමට වාණිජ බැංකු පද්ධතියකට හැකියාව තියෙනවා. මේ ක්රියාවලිය තමයි ණය මැවීම කියලා හඳුන්වන්නේ.
• වාණිජ බැංකුවක කාර්යයන් මොනවද?
වාණිජ බැංකුවක් ඉටු කරන කාර්යයන් කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්.
1.ප්රාථමික කාර්යයන්.
*තැන්පතු භාර ගැනීම.
*ණය ලබාදීම.
2.ද්විතියික කාර්යයන්.
*නියෝජන කටයුතු.(අණකර,ස්ථාවර නියෝග මත ගෙවීම්/රැස්කිරීම්)
*පොදු උපයෝගිතා කටයුතු.(උකස් සේවා වැනි)
• වාණිජ බැංකු මඟින් ලබාදෙන ණය වර්ග
මොනවාද?
නැවත අය කර ගැනීමේ කාලය සලකා බැලීමේදී වාණිජ බැංකු වලින් ලබාදෙන ණය ආකාර දෙකයි.
1.කෙටි කාලීන ණය.
*බැංකු අයිරා
$ජංගම තැන්පතුවක ඇති ශේෂය ඉක්මවා කිසියම් සීමාවක් දක්වා ගිණුම් හිමියාට චෙක්පත් මඟින් ගෙවීමට ඉඩ ලබා දීම.
*අන්තර් බැංකු ඒක්ෂණ ණය.
$වාණිජ බැංකු වල ඇතිවන ක්ෂ්ණික මූල්ය අවශ්යතා සපුරාලීමට වාණිජ බැංකු අතර සිදුවන කෙටි කාලින ණය ගනුදෙනු.
*වෙනත් කෙටි කාලීන ණය.
2.දිගු කාලීන ණය.
*ප්රාග්ධන වත්කම් අත්පත් කරගැනීම සඳහා ලබා දෙන ණය.
*ව්යාපාර ඇරඹීමට හෝ පවත්නා ව්යාපාර දියුණු කිරීමට ලබා දෙන ණය.
*එදිනෙදා ව්යාපාරික අවශ්ය්තා සඳහා ලබාදෙන ණය.
$වාණිජ බැංකුවක වත්කම්, වගකීම් මොනවද, ශේෂ ප්ත්රයක් කියන්නෙ මොකක්ද කියලා ඊළඟ ලිපියෙන් බලමු.
Subscribe to:
Post Comments (Atom)
ආර්ථික විද්යාව_වාණිජ බැංකු හා මහ බැංකුව III කොටස
• ව්යවස්ථාපිත සංචිත අනුපාතය මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා වාණිජ බැංකු ද්රවශීල වත්කම් ගොනුවක් පවත්වා ගනී. මෙලෙස රඳවාගත යුතු ව්යවස...
-
අ.පො.ස. උසස් පෙල ආර්ථික විද්යාව හදාරන ඔයාලට වැදගත් ම වෙන කොටසක් තමයි වාණිජ බැංකු සහ මහ බැංකුවේ ක්රියාකාරිත්වය කියන කොටස, ඉතින් ඒ මාතෘකා...
-
• ව්යවස්ථාපිත සංචිත අනුපාතය මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා වාණිජ බැංකු ද්රවශීල වත්කම් ගොනුවක් පවත්වා ගනී. මෙලෙස රඳවාගත යුතු ව්යවස...
-
• ව්යාපාරික ආයතනයක් ලෙස වාණිජ බැංකුවක් ප්රධාන වශයෙන් අරමුණු 2 ක් අපේක්ෂා කරයි 1.මහජන විශ්වාසය දිනාගැනීම . මහජන ව...



No comments:
Post a Comment